හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහලේ දරුවන් පිරිසකට පහර දුන්නැයි කියන ගුරුවරුන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විද්‍යාලය සුරැකීමේ සංවිධානයේ දෙමාපියන් පිරිසක් විදුහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
පසුගිය 28 වැනිදා විදුහලින් බැහැරට යන විදුහල්පතිවරයාට වැඳ ආචාර කිරීමට ගිය සිසුන් පස් දෙනකුට එම විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් පහර දුන් බවට සිසුහු හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර සිසුන් දෙදෙනකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබා ඇතැයිද කියති.
හෝමාගම පොලිස් ස්ථානාධිපති එස්.ලියනගම මහතා පැමිණ ගුරුවරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළද අධ්‍යාපන බලධාරින් පැමිණ ප්‍රකාශයක් ලබාදෙනතුරු උද්ඝෝෂණය කරන බව විරෝධයේ නියුතු දෙමාපියෝ පවසති.

