විදුහල්පති බොක්කේ දඩමස්
වන සතුනට ආදරය කරුණාව දැක්වීමේ සම්මන්ත‍්‍රණ පවා පැවැත්වූ තිස්සමහාරාමයේ යාල සමීපයේ ඔසුවින්න පාසලේ විදුහල්පති නිල නිවසේ අධි ශීතකරණයේ මුව මස් කිලෝ අටක් සමග විදුහල්පතිද මස් රැගෙන ආ අයකුද සැකපිට අත්අඩංගුවට ගත් බව යාල වනජීවී නිලධරයෝ කියති. මුව මස් කිලෝවක් රුපියල් 600ක් පමණ වෙයි.

