විදුහල්පති කර්නල් තනතුර අහෝසි


විදුහල්පතිවරුනට ලබා දී ඇති කර්නල් තනතුරු අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා තීරණය කර ඇත. අමාත්‍යපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් වෘත්තිය සමිති නියෝජිතයන් හා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම,  ළමයින් ඇතුළත් කිරීමේදී මුදල් අය කරගැනීම් ගැන සොයා බැලීම ගුරු වැටුප් විෂමතා කඩිනම් කිරීම ගුරු මාර මණ්ඩල නැවත ස්ථාපිත කිරීම ගැනද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.