විදුහල්පති අබිරහස් ලෙස මැරිලා


මීගමුව ශාන්ත මරියා විදුහල්පති  මැක්ස්වෙල් ප්‍රනාන්දු (59) මහතා කැපුම් තුවාල සහිතව පාසලේ නාන කාමරයේ වැටී සිටි බවත් රෝහලට ඇතුළු කරන විට ඔහු මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.

අද උදේ 6.30ට පමණ ඔහු පාසලට පැමිණ ඇති බව ද,    7.30ට පාසලේ උදේ රැස්වීමට විදුහල්පති සොයන විට තුවාල සහිතව වැටී සිටිනු දැක ඇති බවත් පොලිසිය පවසයි.