විදුලිය විසන්ධි නොකරන්නට ගිය දෙන්නා විසන්ධි වෙති


විදුලි බිල්පත් නොගෙවූ නිවසක විදුලිය විසන්ධි නොකිරීමට රුපියල් 10000ක අල්ලසක් ගත් බව කියන ලෙකෝ විදුලි සේවකයෝ දෙදෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ගණේමුල්ලේ  නිහාල් සෝලංග ආරච්චි සහ ජාඇළ පදිංචි ජෝෂප් අලෝෂියස් ඔවුහුය. වත්තල ඊබ්‍රහීම් කමල්ඩීන්ගෙන් ඔවුන් මේ අල්ලස ගත් බව උසාවියේ දී කියැවිණි.