විදුලිය නොකපන්නැයි ජනපතිගෙන් උපදෙස්


(අංජුල මහික වීරරත්න)

විදුලිය සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වූ පසු  අඛණ්ඩ විදුලිය සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ .

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදෙන ලෙසත් ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල පද්ධති ලබා දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට ලබාදුන් උපදෙස් වල සඳහන් වේ.