විදුලිය-ජලය නැවතත්


(ඩයනා උදයංගනී)

ආපදා තත්ත්වය හේතුවෙන් විසන්ධි වූ විදුලි සම්බන්ධතාවලින් 70%ක් මේ වන විට යළි ලබා දී ඇති බවත් ජල පවිත‍්‍රාගාරවල කටයුතු ද ආරම්භ කර ඇති බවත් නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

හදිසි ආපදා තත්ත්වයත් සමඟ විදුලි සම්බන්ධතා 3,36,000ක් පමණ විසන්ධි වූ බවත් මේ වන විට එයින් 2,16,000ක් සබඳතා යථා තත්ත්වයට පත් කර ඇති බවත් අමාත්‍යවරයා කියයි.

ජල සැපයුම කෙරෙහි ගැටලූ ඇති වී තිබූ ගැටලූද මේ වන විට බොහෝ දුරට විසඳාගෙන ඇති බව අමාත්‍යවරයා කියයි.
රත්නායක මහතා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.