විදුලිය කැපුණොත් කොමිසමට කියන්න


(යොහාන් භාසුර)

උසස් පෙළ විභාගය පැවත්වෙන ලබන පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවකට අවසර දී නොමැති නිසා අනවසරයෙන් කරන විදුලි කප්පාදුවලට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබද මහජන උපයෝගිතා කොමිසමට ලිඛිතව පැමිණිලි කරන ලෙස එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම පැමිණිළි 0775687387 යන දුරකථනයට වට්ස්ඇප් හරහා හෝ  [email protected] යන ඊ්මෙල් ලිපිනයට හෝ 0112392641 ෆැක්ස් අංකයට හෝ යොමු කරන ලෙස ද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් ඉල්ලා සිටියි.