විදුලිය කපනවාද නැද්ද තීරණය හෙට පෙරවරුවේ


(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව හෙට (1) දිනයේ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන තීරණය හෙට පෙරවරුවේ ගැනීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (31) රාත්‍රී පැවසීය.

ජල විදුලියෙන් ඉල්ලුම ආවරණය කිරීම පිළිබඳව අද රාත්‍රී දක්වා සාකච්ඡා කරමින් සිටින බව කී එම නිලධාරියා අවසන් තීරණය පෙරවරුවේ ගන්නා බව ද සඳහන් කළේය.