විදුලි සේවකයෝ කෑම පැයේ වීදි බසිති


ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා ගැනීම, සේවක පළිගැනීම් වහා නතර කිරීම, වෘත්තීය සමිති ක්‍රියාමර්ග අයිතිය තහවුරු කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් වහා ලබාදෙන ලෙස රජයට බලකර සිටීමේ උද්ඝෝෂණයක් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ අද කෑම පැයේ දී කළහ. කොටුව ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.