විදුලි සේවකයොත් දැඩි ස්ථාවරයක


වැටුප් විෂමතාව වහා ඉවත් කර, වෘත්තිය සමිති මර්දනය වහා නතර කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලි බල මණ්ඩල සේවක උද්ඝෝෂණයක් කොටුව චින්තම්පලර් ඒ. ගාඩිනර් මාවතේ මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. ලංවීම ශාඛා සේවකයෝ තුන් දහසකට අධික පිරිසක් ඊට එක් වූහ. පාරේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන් ම වැසි යන සේ  පැය තුනකට අධික කාලයක් ඔවුන් එක දිගට උද්ඝෝෂණය කළහ.