විදුලි වර්ජන තහනමට විදුලි කොටයි
ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සිකුරාදා දහවල් සිට ඇරැඹූ වැඩ වර්ජනයට වාරණයක් නිකුත් කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කෙළේය. පැමිණිලිවලින් ඉල්ලා සිටින කරුණ ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොළ ප්‍රකාශ කෙළේය.

