
(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ වගා භූමියක ඇද තිබූ විදුලි කම්බියක පැටලී විදුලි සැර වැදීම හේතුවෙන් සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු මිය ගොස් ඇති බවට වව්නියාව මාමඩුව පොලීසිය පවසයි.
මෙම සිවිල් ආරක්ෂක සෙබලා විසින් වගා භූමියක ගමන් කරන අවස්ථාවේදී සතුන්ට ඇද තිබූ විදුලි කම්බියකින් වගා භූමියේ වැටේහි කම්බිවලට විදුලිය කාන්දු වීමේන් ඒබව නොදැන් අදාල සිවිල් ආරක්ෂක බලකා සෙබලා කම්බියේ පැටලී විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
කෙසේ වෙතත් අදාල විදුලි කම්බි ඇද ඇත්තේ කව්රුන්දැයි යන්න මේ වන විට පරික්ෂණ සිදු කෙරෙන අතර විදුලිය වැදීමෙන් සෙබලා එම ස්තානයේම මිය ගොස් සිට ඇති බවටද පොලීසිය පැවසීය.
විදුලිසැර වැදීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ මහකච්චකොඩිය අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අචින්ත ප්‍රියනාත් දිසානායක නැමති සිවිල් ආරක්ෂක සෙබලා වන අතර වැඩිදුර පරික්ෂණ කටයුතු මාමඩුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.

