පිළියන්දල පුවක් ගහ හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු අරඹා උණ ගසක් සිටුවමින් සිටි සේවකයකු අධිබල විදුලිසැර වැදී මියගිය බවත් තවත් අයකු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
ඉදිකරගෙන යන ගොඩනැගිල්ල හා අධිබලැති විදුලිරැහැන් අතර දුර අඩි තුන හතරකට වඩා නැත.
මෙය අනවසර ඉදිකිරීමක් බව කැස්බෑව නගර සභාපති ලක්ෂමන් පෙරේරා කියයි.