විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමට රජයේ අවධානය


(අජන්ත කුමාර අගලකඩ)

කෝවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඇඳිරිනීතිය පනවා තිබූ මාස කිහිපයේ වැඩි වී ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

එම සහනය ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට කමිටුවක් හෙට (02) දිනයේදී පත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ මාර්තු , අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලිය බිල්පත් ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් විසින් විදුලි බල මණ්ඩලයට පැමිණිලි ලැබී තිබිණි.

ඒ සම්බන්ධයෙන් තමා අද (01) කැබිනට් රැස්වීමේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කාල සීමාව වෙනුවෙන් විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමට යෝජනා කළ බවද හෙතෙම සඳහන් කළේය.