විදිලි වර්ජනය ඉවරයි
ලංකා විදුලි බල මණ්ඩලයේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පසුගිය 10 වැනි දා ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ සිට අවසන් කෙළේය. කම්කරු කොමසාරිස්, විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පැවැති සාකච්ඡාවේ දී තම වැටුප් විෂමතා ඉවත් කරන බවට ලබා දුන් ලිඛිත පොරොන්දුවෙන් අනතුරුව වර්ජනය අවසන් කළ බව එම සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා කියයි.

