විදින තුවක්කුවකින් මසුන් මැරූ විදේශිකයකු අත්අඩංගුවට


(ඩී.ජී. සුගතපාල)

විදින තුවක්කුවකින් මහ මුහුදේ මසුන් මරමින් සිටි විදේශිකයෙකු  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම විදේශිකයා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරිර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (28) දඬුවම් නියම කිරීම ජනවාරි 01 වැනි දිනට කල් තබන ලදී.

මෙසේ ඇපමත මුදා හරිනු ලැබුවේ මොඩල් සර්ෆි නමැති යුක්රේන ජාතිකයෙකි.

සැකකරු ගාල්ල අවට තල්පේ මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මරණ බවට නාවික හමුදාවේ බුද්ධි නිලධාරින් විසින් ලබාදුන් තොරතුරකට අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශණ අංශයේ ප්‍රධාන වැටලිම් නිලධාරි එන්.එන්.ඩී.එස්.යූ. පරණවිතාන මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම නිලධාරින් පැවසුවේ දියයට කිමිදී මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම බරපතල වරදක් වනඅතර එයින් කොරල්පරද විනාශවන බවයි. මේ වනවිට ලෝකයේ වෙනත් රටවල මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම තහනම් කිරීම නිසා සංචාරකයින් මෙරටට පැමිණ විදින තුවක්කුවලින් මසුන් මරන බවද එම නිලධාරිහු කියා සිටියහ.