විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ 32-22 කින් ශා. පීතර පරදවති


මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයේදී ලකුණු 32-22 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත් වූහ. බම්බලපිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට විද්‍යාර්ථ විදුහල ලකුණු 13-8 ක් ලෙස පෙරමුණේ පසු විය.