විද්‍යා විද්‍යාලය 42-31 කින් ශා. ජෝශප් පරාජය කරයි


ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව ලකුණු 42-31 ක පහසු ජයක් ලැබීය. සී. ආර්. පිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශාන්ත ජෝශප් විදුහල 19-17 ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේදී විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ පෙරමුණට පැමිණීමට සමත් වූහ.