විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා? By None // 2012 දෙසැ 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීදැයි සොයාබැලීමට රහස් පොලීසියට පවරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එන් කේ එම් ජේ පුෂ්පකුමාර මහතා කියයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ටියුෂන් ගුරුවරයකු විසින් ලබාදුන් අනුමාන ප්‍රශ්නපත්‍රයක සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ලබාදුන් ප්‍රශ්න 18ක් පමණ සමාන රූප සටහන්ද සහිතව තිබූ බවයි. ගම්පහ පාසල් කිහිපයකම සිසු සිසුවිය විභාගය පැවති අද (15) උදෑසන විභාගය ආරම්භ වීමට ප්‍රථම මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළ බව සිසුහු සහ ගුරුවරු පැවසූහ. මේ අතර අද පැවති විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ හයවැනි ප්‍රශ්නයේ ඇති සුශුම්නාවේ හරස්කඩ රූප සටහනේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය ඇති ස්ථාන නම් කර ඇත්තේ වැරදියට බව සිසුහු ද ගුරුවරුද කියති. ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මෙවැනි දේ නිසා විභාගය ගැන විශ්වාසය බිඳ වැටෙන බවයි. මේ ගැන විභාග කොමසාරිස්වරයාට සහ රහස් පොලීසියට ඉරිදා පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ස්ටාලින් මහතා පවසයි. (විභාග ප්‍රශ්න පත්‍රයේ සහ අනුමාන ප්‍රශ්න පත්‍රයේ සමාන බව කියන ප්‍රශ්න කිහිපයක්) . Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත