විත්තිය මුල් පිටපත ඉල්ලයි
මුල් පිටපත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසිය හැකි ද නැද්ද යන්න ගැන තම තීන්දුව ලබන 13 වැනි දා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා තීරණය කෙළේය. ඇමෙරිකාවේ ගැලියෝන් ආයෝජන ආයතනයේ රේ රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් කිරුලපොනේ ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ තැන්පත් කිරීමට ආධාර හා අනුබල දුන්නැයි කරුණානායකට එරෙහිව මේ නඩුව පවරා ඇත. මුල් පිටපත උසාවියට ඉදිරිපත් නොකැර ජායා පිටපතක් ඉදිරිපත් කිරීම ගැන කරුණානායක මහතාගේ නීතිඥ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විරෝධය පළ කෙළේය.

