විටමින් දීලා ළමයි රෝහලේ


කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ වෛද්‍ය සායනයකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදුන් විටමින් ඒ අඩංගු කරලක් පානය කිරීමෙන් පසු ක්ලාන්තය හා වමනය ඇතිවූ ළමුයින් 27 ක් කුරුණෑගල රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි. මේ අතරින් දෙදෙනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.