දෙවැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළත් කැර ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ගත් බව කියන මාතලේ විජය ජාතික පාසලේ විදුහල්පතිනි දයා කළුආරච්චි ලබන 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
විදුහල්පතිනිය වෙනුවෙන් මාතලේ තැපැල් කාර්යාලය අසලදී මුදල් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ඇයගේ හිතවතා රජයේ සාක්කිකරුවකු ලෙස මුදාහළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
ඡායාරූප විරාජ් අබේසිංහ

