උතුරු පළාත් මහ ඇමැති ලෙස පත් වීමට නියමිත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රී විග්නේෂ්වරම් මහතා කොළඹ එන්නට ගොස් වව්නියාවේදී ඇබැද්දියකට මුහුණ දුන්නේය. ඔහුගේ පෙට්‍රල් ජීප්රියට වව්නියාවේ තෙල් හලකින් ඩීසල් ගැසීම ඊට හේතුවයි. වව්නියා පොලීසිය පැමිණ කාර්මිකයකු ගෙන්වා ඩීසල් ඉවත් කර ටැංකිය සුද්ද කරන තුරු විග්නේෂ්වරම් මහතා ඒ අසල වාඩ් වී සිටියේය.
තෙල් හල පවසනුයේ ඔහුගේ රියදුරා ඩීසල් පොම්පය ළග වාහනය නතර කළ නිසා ඩීසල් ගැසු බවයි.
වාහනයට පෙට්‍රල් ගැසිය යුතු බව දැනගෙන ඇත්තේ ටැංකිය පිරෙන තුරු තෙල් ගැසීමෙන් අනතුරුවයි.
වාහනයෙන් ඉවත් කළ ඩීසල් ලීටර් හැටේ බිලද විග්නේෂ්වරන් මහතා තෙල් හලට ගෙවීය.එම ඉන්ධන හලෙන්ම ඔහුගේ රියට පෙට්‍රල් ගසා ගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එම් සුමන්තිරන්, ඒ සරවනභවාන් හා වව්නියා ශ්‍රී ල නි ප සංවිධායක ප්‍රේමරත්න සුමතිපාල මහත්වරු ද විග්නේෂ්වරන් මහතාට උදව් කළහ.

