(රොමේෂ් මධුෂංඛ)
යාපනය පූතූර් ගම්මාන මැද පිහිටි සොහොන් බිම් ඉවත් කරන්නැයි ඉල්ලා සිදුකළ උපවාසයට හා විරෝධතාවන්ට විසඳුමක් ලබා දීම සඳහා අද (17) උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා එහි සොහොන් බිම්හි ඇති අදාහනාගාර පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.
විරෝධතාකරුවන් කියා සිටියේ දින 65 ක් පුරාවට තමන් උපවාසයක නිරත වූවද රජයේ කිසිදු බලධාරියකු විසඳුමක් නොදුන් බවත් ගම්මානවල පිහිටා ඇති සොහොන් බිම් හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවී තිබෙන බවත් ය.
සොහොන් බිම් ඉවත් නොකරන්නේ නම් ඉදිරියට දැඩි අවදානම් තත්ත්වයක් ඇති වන බවද ඔවුහු පැවසූහ.
විරෝධතාකරුවන් විරෝධතාව අවසානයේදී ඔවුන්ගේ ඉල්ලීම් අඩංගු සංදේශයක් උතුරු මහ ඇමතිවරයාට බාරදුන් අතර එහිදී උතුරු මහඇමති විරෝධතාකරුවන්ට කියා සිටියේ අදාළ ආදාහනාගාර පරික්ෂාකර බලා විසඳුමක් ලබා දෙන බවටයි.
ඒ අනුව එම ආදාහනාගාර පරික්ෂා කර ප්‍රාදේශීය සභා නිලධාරීන් හා පළාත් සභා නියෝජිතයින් සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට මහ ඇමතිවරයා පියවර ගෙන ඇත.

