උතුරු පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති ලෙස දෙමළ ජාතික සන්ධානයේ සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා අතින් අද (01) පත්වීමේ ලිපිය ලබා ගත්තේය.
උතුරු පළාතේ පැවැති ප්‍රථම පළාත් සභා මැතිවරණයෙන් මනාප ඡන්ද 132255 ක් ලබා ගනිමින් වැඩිම මනාප ලැබුවේ විග්නේෂ්වරන් මහතායි.
පත්වීමේ ලිපිය භාරගත් බවත් මාධ්‍යවේදීන් හමුවේ පැවසු විග්නේෂ්වරන් මහතා දිවුරුම් දෙන දිනය හා කා ඉදිරියේ දිවුරුම් දෙන්නේද යන්න පසුව තීරණය කරන බව ද පැවසීය.
ආණ්ඩුකාරවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ඔහු පත් කළේය.
පෙර දිනයේදී විග්නේෂ්වරන් මහතා ආණ්ඩුකාරවරයාගේ ඇරියුමින් පැය බාගයක පමණ සුහද සාකච්ඡාවක් ද පැවැත්වීය.