( ජයන්ත සමරකෝන්)
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද විගණන සේවා කොමිෂන් සභාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 4 ක් වැය කරන බව ශ්‍රී ලංකා විගණන සේවා පරීක්ෂක සංගමයේ සභාපති ඉන්ද්‍ර විජය බණ්ඩාර මහතා පැවසීය.
කොමිසම පිහිටුවා වසර 4 ට එහි නඩත්තුව සඳහා රුපියල් කෝටි 16 ක් වැය කර ඇතත් කොමිසමට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය විගණන සේවාවන් ස්ථාපිත කිරීමට තවමත් නොහැකි වී ඇතැයිද ඒ මහතා කීවේය.
දැනට මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස නිල වශයෙන් විගණකාධිපතිවරයා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 5 දෙනකු කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
විනය පාලනය නිලධාරීන් පත්කිරීම හා ඒවාට අදාළ නීතී සම්පාදනය කිරීම කොමිසමේ කාර්ය භාරය වූවද විගණන දෙපාර්තමේන්තුවට පත් කිරීමේ බලයක් නැතැයිද ඔහු කීවේය.
කොළඹ 7 ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා මෙ කරුණු අනාවරණය කළේය.

