(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.
කිරිඇල්ල මහතා මෙසේ පැවැසුවේ සභාව ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ) - ඒ යෝජනාව ඉවත් කරන්නේ ඇයි? හේතුව කියන්න.
සභානායක:- ආණ්ඩුවේ කටයුතු තීරණය කරන්නේ ආණ්ඩුවයි. අවශ්‍යනම් පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන්න පුළුවන්.
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා:- විගණකාධිපති අද ලොකු වැඩ කොටසක් ඉටුකරන පුද්ගලයෙක්. මෙහෙම කරන්නේ එතුමා අධෛර්යමත් කරන්නද? ඔහු අද ආණ්ඩුවට හිසරදයක් වෙලා. ඒ නිසා මේක පළිගැනීමක් වෙන්න පුළුවන්.
සභානායක:- එහෙම දෙයක් නැහැ.
නි. කතානායක:- පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන්න.
විගණකාධිපතිවරයාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ 27 වැනි යෝජනාව වශයෙන් සටහන්වී තිබිණ.
න්‍යාය පත්‍රයේ සඳහන්වී ඇති අන්දමට ඒ යෝජනාව මෙසේය.
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව 2015.11.27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එච්.එම්. ගාමිණි විජේසිංහ මහතා විගණකාධිපතිවරයා වශයෙන් පත්කර ඇති හෙයින් ද;
විගණකාධිපතිවරයාගේ වැටුප ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් නිශ්චිත කරනු ලැබිය යුතු අතර රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන හෙයින්ද;
ජනාධිපතිවරයා විසින් 2017.11.14 වැනි දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව 2017.12.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විගණකාධිපති, එච්.එම්. ගාමිණි විජේසිංහ මහතාට පහත පරිදි වැටුප් හා දීමනා ගෙවීමට අනුමැතිය ලබාදී ඇති හෙයින්ද;
(අ) 2015.11.27 වැනි දින සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 අනුව ීඛ -4 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා තනතුරට හිමි අනෙකුත් දීමනා ගෙවීමට;
(ආ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016 අනුව 2016.01.01 වැනි දින සිට වැටුප පරිවර්තන කිරීමේ දී ීඛ -4 වැටුප් ක්‍රමය යටතේ එම චක්‍රලේඛයේ උපදෙස් පරිදි වැටුප් පරිවර්තනය කර ගෙවීමට සහ
(ඇ) එකී වැටුප් පරිමාණයට අදාළ වාර්ෂික වැටුප් වර්ධක ගෙවීමට,
ඊට අනුකූලව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති එච්.එම්. ගාමිණි විජේසිංහ මහතා වෙත ඊජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප හා දීමනා ගෙවීම කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව නිශ්චය කරයි.

