(ශිරාන් රණසිංහ)
තමාගේ මාසික වැටුප රුපියල් 69,000 කට සීමා වී ඇති නිසා වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව විගණකාධිපති හා ජාතික විගණන කොමිසමේ සභාපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.
මාසික දුරකථන බිල රුපියල් 32,000ක් යැයි ද නිල නිවාසයේ විදුලි බිල30,000 ක් යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම ලැබෙන වැටුප් එම බිල්දෙක ගෙවීමට පමණක් ප්‍රමාණවත් යැයිද ගාමිණි විජේසිංහ මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(2) ව්‍යස්ථාවට ප්‍රකාරව රජයේ ඒකාබද්ධ අරමුදලින් අරමුදලින් විගණකාධිපතිවරයාගේ වැටුප් ගෙවිය යුතුව ඇත.
විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමට අදාළව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ 27 වැනි යෝජනාව ලෙස තිබුණද එම යෝජනාව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් 23 වැනිදා ඉවත් කර ගැනිණි.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කතා කළද ඒ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වන ලෙස සභානායක දැනුම් දුන්නේය.
පසුගිය මාස තුනේදී විගණකාධිපතිවරයාට හිමිවිය යුතුව තිබූ වැටුප් වර්ධකයද ලැබී නොතිබිණි.
වැටුප් බලාගෙන තමා කටයුතු නොකළ මුත් විගණකාධිපති ලෙස හා ජාතික විගණන කොමිසමේ සභාපති ලෙස හිමිවිය යුතු වැටුප් එම තනතුරට හිමිවිය යුතු බවද ඒ මහතා පැවැසීය.
විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ , විනිසුරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා කිහිපයක්ම වැඩි කර ගත් බවත් ජාතික විගණන කොමිසම ස්ථාපිත කොට විශාල මෙහෙවරක් සිදුකළ විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමේ කිසිදු වරදක් නැති බව රජයේ විගණන නිලධාරීහු කියා සිටිති.
විගණකාධිපති වැටුප් වැඩිවීමක් ඉල්ලයි - ලැබෙන වැටුප බිල්වලට ඉවරයිලු
Recommended Articles