විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)

දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සහන සැලසීමේ ජනාධිපති කොමිසමට ලබාදී ඇති පුළුල් බලතල අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

පෙත්සමේ මෙසේද සදහන් වේ.

මෙම කොමිසමට සාමාන්‍ය කොමිසමට වඩා පුළුල් බලතල ලබා දී ඇත.  

මේ හේතුවෙන් සමහර පුද්ගලයන්ට අගතියක් සිදුවී වී ඇත. මාධ්‍ය වාර්තා අනුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් විභාග  වීම නැවැත්වීමට නීතිපතිට නියෝග දීමට පවා මෙම කොමිසමට බලය තිබේ.

ඒ අනුව මේ තුළින් තමන්ගේත් , ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කාර ආයතනය සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.