වෑන් රිය දුම්රියක ගැටී තරුණයෙක් මරුට


(පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල නයිලිය දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගය හරහා  නොසැලකිලිමත් ලෙස ධාවනය කරවූ වෑන් රථයක් අද (15)  කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනයවූ ශිඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් එකම පවුලේ  මල්ලි මරණයට පත්ව අක්කා බරපතල තුවාල සහිතව රෝහල්ගත කර  ඇති බව කුරුණෑගල පොලීසිය කියයි.

මෙම අනතුරින් මාවතගම  කහපත්වල  රත්මල්  ගහපිටියවත්ත ප්‍රදේශයේ පදිංචි  ප්‍රභාත් තෙන්නකෝන් (25)   මිය ගොස් ඇති අතර  හෙදියක වන ඇගේ සොහොයුරිය අනුෂ්කා සමන් කුමාරි තෙන්නකෝන් (27)  බරපතල තුවාල සහිතව ප්‍රතිකාර ලබයි.

අනතුරෙන් ඔවුන් පැමිණි වෑන් රථය සුන්බන් ගොඩක් බවට පත්ව තිබෙන අතර අනතුරෙන් නයිලිය දුම්රිය ස්ථානයටද හානි සිදුව ඇත .

දුම්රිය ධාවනය සඳහා දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා ක්‍රියාත්මක වෙමින්  තිබියදී වෑන් රථයේ රියැදුරා ඒ බව නොසලකමින් වෑන් රථය ධාවනය කරවීමට යාමේදී දුම්රියේ ගැටුණු බව අනතුර සියැසින් දුටුවෝ පැවසූහ.