වෑන්-කැබ් අනතුරින් අයෙක් මරුට-12කට තුවාල


(කාංචන කුමාර ආරියදාස සහ මොහොමඩ් බුහාර්දීන් )

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කනාදන  ප්‍රදේශයේ අද (26 ) වැන් රථයක් සහ කැබ් රථයක්  එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මියගොස් 12 දෙනකු බරපතල තුවාල ඇතැයි පොලීසිය කියයි.

ඉදිරිපසින් ගමන් කරමින් තිබු කැබ් රියේ පිටුපසින් පැමිණි වැන් රථය ගැටී  ඇති බව ගලේවෙල පොලිසිය කියයි.අනතුර  සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයට අධික වර්ෂාවක් පැවති බව කියැවේ.
 
තුවාල ලැබූවන් ගලේවෙල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හත් දෙනකු දඹුල්ල මූලික රෝහලට මාරු කර යවා තිබිණි.

මෙම අනතුරට හේතුව වර්ෂාව අවස්ථාවේ දී අධික වේගයෙන් සහ අපරීක්ෂාකාරීව රිය ධාවනය බව ගලේවෙල රථවාහන පොලීසිය කියයි.