පොළොන්නරුව පාරාක්‍රම සමුද්‍රයේ එරබදුවැව කොටසේ බැම්ම ස්ථාන කිහිපයකින් ගිලා බසිතියි වැසියෝ කියති. එක් තැනක අඩි හතරක පමණ විෂ්කම්භයක් අඩි හයක් ගැඹුරැති වළක් හැරී ඇත.
මෙය ගිලා බැසීමක් නොවන බවත් මෑතදී පිරවූ පස් සේදී යාමත් බවත් බැම්මට කිසිදු අවදානමක් නැති බවත් වාරිමාර්ග ඉංජිනේරු ආර්.එම්.පී. කරුණාරත්න මහතා කියයි.



