ලක්‍ෂපාන විදුලිබල සංකීර්ණයේ වැඩ වර්ජන කර සිටින සේවකයන් බාරයක් වීමට මවුස්සාකැලේ සමන් දේවාලයට අද ගියත් දේවාලය වසා තිබිණි. වෙනදා නොවසන දේවොල වැසුවේ කපු මහතා නිවාඩු ගිය නිසා යැයි දැන ගන්නට ලැබිණි.
විදුලි සේවකයෝ දෙවොල ඉදිරිපිට සිට බාරයන් ඔප්පු කැර වර්ජනය දිගටම ගෙන යාමට තීරණය කළහ.