වැසි ඇතත් නියඟයෙන් බේරෙන්න බෑ


නිරිත දිග මෝසම් වැස්ස දින තුනක සිට සක්‍රිය වී ඇතත් දැනට වියළි පවත්නා නියගයට එයින් පිළිසරණක් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.කාරියවසම් මහතා කියයි. කඳුකරයට ලැබෙන වැසි වලින් ඇල දොල ගංගා හා ජලාශ වලට යම් සහනයක් ලැබිය හැකි නමුත් මෝසම් වැස්සේ ප්‍රබලත්වය ගැන දැන්ම කිසිවක් කිව නොහැකි බව ද ඔහු සඳහන් කරයි.