(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
නායයෑම් සහ ගංවතුර නිසා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාතේගම, හඳුගල, හිඟුරවත්ත ආදී ප්‍රදේශ රැසක පාලම් කැඩී ගොස් තිබේ.
පාතේගම කණිෂ්ඨ විද්‍යාලයයට සහ තවත් නිවාස කිහිපයකට යන පාලම දෙපසින් කැඩි යාම නිසා ප්‍රදේශවාසිහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
’26 වැනි දා පාන්දර ගංවතුර ආවා. උදේ බලද්දි පාලමත් කැඩිලා. අපේ ගේ අඩි පහක් විතර යට වුණා.‘ යැයි පාසල අසල නිවසක පදංචිකරුවකු වන ජී ඩී අබේවික්‍රම මහතා පැවසීය.
පාතේගම කණිෂ්ට විද්‍යාලයේ සිසුහු 70ක් පමණ ඉගෙනුම ලබති. එම විද්‍යාලයේ කාර්යාල කාමරයක් ද ජලයෙන් යටවීම නිසා සහතික රැසක් විනාශ වී ඇතැයි දෙමාපියෝ කියති.
මෙම පාලම කඩිනමින් ශක්තිමත්ව සාදා දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති.
එගොඩබැද්ද සහ වලස්මුල්ල මාර්ගය යා කරන හිඟුරවත්ත පාලමද කැඩී ගොස් තිබේ. පොලිසිය හා ගම්මුන් එකතු වූ පයින් එගොඩ මෙගොඩ යාම සදහා එය පිළිසකර කරද තවමත් පවතින්නේ අවදානම් මට්ටමකය. තවත් පාලම් රැසක් කැඩී ගොස් තිබෙනු දැක ගත හැකි විය.
හම්බන්තොට නාගරික කොමසාරිස් කසුන් ඈපා සෙනවිරත්න මහතා මෙම ප්‍රදේශයට පැමිණ සිටි අතර ඔහු කීවේ මෙය තම ප්‍රදේශයට අයත් නැති වුවත් පාලම් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි. ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුම කීවේ හම්බන්තොට නාගරික කොමසාරිස් පැමිණිය ද වෙනත් රාජ්‍ය නිලධාරීන් නොපැමිණි බවයි.






