වැස්සෙන් මාතලේ පවුල් 484 ක් අවතැන්


(මහේෂ් කිර්තිරත්න)
 
දින කිහිපයක් තිස්සේ මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලුණු  අධික වර්ෂාව  හේතුවෙන් අද (22) උදැසන වන විට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පවුල් 484ක පුද්ගලයින් 1592 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර මහතා පැවසිය.
 
මාතලේ, යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව, ලග්ගල, අඹන්ගගකෝරළය, නාඋල, පල්ලේපොල, ගලේවෙල, දඹූල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව මෙසේ පිඩාවට පත් ව ඇති අතර පස් කදු කඩා වැටිම්, නාය යැම්, ගල් පෙරළිම්, නිවාස ජලයෙන් යටවිම, ඇතුලු ආපදාවන්ට පත්ව ඇති බවත් මේ තත්වය හේතුවෙන් එක් නිවාසයක් සම්පුර්ණයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 225ක් අර්ධ වශයනේ හානියට පත්ව ඇති බවද අමරවිර මහතා පැවසිය.
 
 ආපදා තත්වය හේතුවෙන් දඹුල්ල , මාතලේ, විල්ගමුව, යටවත්ත, පල්ලේපොල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ආරක්ෂිත ස්ථාන 07ක පවුල් 111ක පුද්ගලයින් 414 දෙනෙකු රදවා සිටින බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාද දිම  ප්‍රාදේශීය ලේකම්ව්රුන්ගේ මැදිහත්විම මත සිදු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවසිය.