(ඩයනා උදයංගනී)
පසුගිය දින කිහිපයේදී බලපෑ වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 6ක පවුල් 302කට අයත්, 1152 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කුරුණෑගල, මඩකලපුව, කෑගල්ල, නුවරඑළිය, මාතලේ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වී ඇත.
මේ හේතුවෙන් නිවාස 17කට පූර්ණ හානි සිදුව ඇති අතර 42කට අර්ධ හානි සිදුව තිබේ.
සුළං තත්ත්වය නිසා වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව, අඹන්පොළ, ගිරිබාව, මහව, ඇහැටුවැව, පොල්ගහවෙල, අලව්ව, වීරඹුගෙදර, මාස්පොත, නාරම්මල, කුරුණෑගල, පඬුවස්නුවර, කුලියාපිටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 233කට අයත් 872 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
එම දිස්ත‍්‍රික්කයේ නිවාස 16ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර නිවාස 217කට අර්ධ හානි සිදුව තිබේ.
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මතුව ඇති නායයෑම් අවදානමක් හේතුවෙන් පවුල් 53 කට අයත් 231 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර ඇද හැලූණු මධ්‍යම කඳුකරයට ඇද හැලූණු මහ වැසි හේතුවෙන් ජලාශවල ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර කැනියොන්, නෝර්ට්න් බි‍්‍රජ්, මස්කෙලිය, පොල්ගොල්ල, කොත්මලේ සහ ලක්‍ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇතැයි ද එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මීට අමතරව කොළඹ හැටන් සහ මහනුවර මාර්ගවලට පස් කඳු කඩාවැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව ද එම ප‍්‍රකාශකයා කීවේය.