වැස්සයි හුළඟයි
දිවයිනේ උතුරුමැද , ඌව නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකි බවත්, සෙසු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිවේදනය කළේය.
දිවයිනට අවට මුහුදු ප්‍රදේශ වල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද, සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් පනහක් පමණ වන බව ද, විශේෂයෙන් මන්නාරම සිට ගාල්ල පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60-70 පමණ දක්වා වූ තද සුළං ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.

