(කටුනායක ටී.කේ.ජි.කපිල )
ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත ගංවතුර තත්වය නිසා අද (15) දින උදෑසන 9.00 ට කොචින් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 165 දරණ ගුවන් යානයේ ගමන් ගැනීම පස්වරු3.00 දක්වා ප්‍රමාද කළ ද , දිගින් දිගටම පවතින වැසි සහිත කාළගුණික තත්වය නිසා මෙම ගුවන් ගමන් වාරය අවලංගු කර දමා ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

