වැවට එළියක් වගාවට පොහොරක්


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රසායනික පොහොර නොමැති විමත් සමග පුත්තලමේ ගොවින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වැව්වල සරුවට පැතිරි ඇති ජපන් ජබර රැගෙන යන අයුරු අප කැබරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

රජය විසින් රසායනික පොහොර නවතා දැමිමට ගත් තින්දුවෙන් පසුව මේ වන විට ආණමඩුව, පුත්තලම, නවගත්තේගම, කරුවලගස්වැව, ඇතුළු දිස්ත්‍රික්කයේ සෑම පෙදෙසකම ගොවිහු තම වගා කටයුතු සදහා කාබනික පොහොර වෙත නැඹුරු වෙමින් සිටිති.

ඒ අනුව ගොවින් තම අත් ට්‍රැක්ටර් යොදා ගනිමින් වැව් වල ඇති ජපන් ජබර රැගෙන යාමට වැව් පිරමින් සිටිති.

කාලයක පටන් වැව්වල පැතිරි තිබු ආක්‍රමනික ජලජ ශාකයක් වන ජපන් ජබර වැව් පද්ධතියට හිසරදයක් වි තිබු අතර පසුගිය කාලයේ එවා වැව් පද්ධතිවලින් ඉවත් කිරීමට දැවැන්ත මුදල් සම්භාරයක් වැය කරමින් යන්ත්‍ර සුත්‍ර ද මෙරටට ආනයනය කර ඇත.