වැලිමඩ නායයාමකින් ගැබිනි මවක් රෝහලේ - 148ක් අවතැන්


(සමන් පාලිත නානායක්කාර) 
 
වර්ෂාව සමඟ පස්කන්දක් කඩාවැටී අද (20)  වැලිමඩ ඕපික්  වත්තේ පහළ කොටස අඹේවෙල  නිවාස තුනක්  යටවීමෙන් ගැබිනි මවක්  තුවාල ලබා රෝහල් ගත කළ බවත්, පවුල් 18ක  පුද්ගලයින් 148 දෙනෙකු ඉවත් කළ බවත් වැලිමඩ පොලීසිය කියයි.
 
ලැයිම් නිවාස පේළියකට ඉහළින් තිබූ පස් කන්දක් කඩා වැටී නිවාස යටවී තිබූ බවත්, එහි සිරවී සිටි ගැබිණි මව  පොලීසිය ප්‍රදේශවාසීන්  සමඟ එක්ව බේරාගෙන නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය  කියයි.
 
අවතැන් වූවන් අඹේවල පාසලේ තාවකාලික කඳවුරක රඳවා ඇතැයි ද පිසූ ආහාර ලබා ලබාදීමට සැලසුම් කරන බව ද වැලිමඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ගාමිණී විමලසේන මහතා පැවසීය .
================