වැලිපැන්න කොල්ලය රඟපෑමක්දැයි පොලිසිය සොයයි


වැල්ලවත්තේ ව්‍යාපාරිකයකු දෙහිවල සරණංකර මාවතේදී අවි පෙන්වා පැහැර ගත්තයි කියන කතාව ගැන පොලිසිය සැක පහළ කරයි. එම රියේ රුපියල් හැට ලක්ෂයක් තිබූ කතාවද එය ගිනිගත් ආකාරයද සැක බවත් පොලිසිය පවසයි. කාරය අධිවේගී මාර්ගයේ ගොස් ඇති නිසා කාරයේ කී දෙනකු ගමන් කෙළේදැයි එහි   කැමරාවලින් සොයාගත හැකි බවද පොලිසිය කියයි. ව්‍යාපාරිකයා පමණක් එම මාර්ගයේ රිය පදවාගෙන ගිය බවටද තොරතුරක් ලැබී ඇතැයි කියති.