වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් වෙයි


(තරංග ගුණරත්න )

වැලිගම ප්‍රදේශයේ  අවුරුදු  10 දැරියක්   ලිංගික අපයෝජනයට ලක්කළැයි  වැලිගම පොලිසිය මගින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ  තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන්  සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 ) දින පෙරවරුවේ   වැලිගම පොලිසිය ඉදිරිපිට  විරෝධතාවයක නිරත වූහ.
උපකාරක පන්තියට යමින් සිටියදී  කිසියම් තරුණයන් හතර දෙනෙකු දැරිය පැහැරගෙන ගොස්  ලිංගික අපයෝජනයට  ලක් කොට ඇති බවද  එ පිළිබඳ   දින 14කට  පමණ  පසුව     වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක්   ලැබී ඇති බව පොලිසිය කියයි.

එ අනුව  සිද්ධිය සම්බන්ධයෙන් වයස 20ක පමණ  එම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු  පොලිසිය මගින් (15 ) පස්වරුවේදි  අත්අඩංගුවට ගෙන තිබේ

කෙසේ නමුත්    ඔවුන් නිදහස් කරන ලෙසත්  අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්  ඉල්ලා මෙම පිරිස විරෝධතාවක නිරත වූහ.