වැලිකඩ බන්ධනාගාර තාප්පයට උඩින් දැල් වැටක්


(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට යාබද, ආරක්ෂක තාප්පයෙන් වරින්වර මත්කුඩු, ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ දැමීම වැළැක්වීම සඳහා ඊට උඩින් දැල් වැටක් ඉදිකිරිමට බන්ධනාගාර මුලස්ථානය තීරණය කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ඒ සඳහා යුද හමුදාවේ සහය ලබාදීමට නියමිතය.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල සීවලී පටුමග දෙසින් ඇති තාප්පයෙන් වරින් වර තහනම් භාණ්ඩ දැමීම කලක සිට සිදුවන අතර, ඒ පිළිබඳව අවට සැකකරුවන් කීපදෙනෙකුට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

තහනම් භාණ්ඩ බන්ධනාගාරයට දැමීම මුළුමනින්ම නතර කර දැමීම සඳහා ඊට උඩින් දැල් වැටකින් භූමිය ආවරණය කිරිම මෙම වැඩ පිළීවෙලේ අරමුණ වී ඇතැයි ද බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරයි.