වැලිකඩ තවත් මළ සිරුරු?
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් කිහිප දෙනෙකුගේ සිරුරු තවමත් එහි ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. උසස් නිලධාරීන් කිහිප දෙනෙක්ම මේ වන විටත් විශේෂ විමර්ශනයක් සිදු කරගෙන යන බව ද එම ආරංචි කියයි.
ගැටුමෙන් බන්ධනාගාර මුළුතැන්ගෙට සිදු වුණ දැඩි හානි නිසා අද උදේ කෑම වේල ලබා දීමට බොහෝ ප්‍රමාධ වී ඇත. උසස් නිලධාරියකු පැවසුවේ මුළුතැන් ගෙය යළි පිළිසකර කිරීමට අඩුම ගණනේ තව මාසයක්වත් යනු ඇති බවයි.
මළ අය සමග 59 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ගෙන ආ බව ද, ඉන් 34ක් තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද, පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සහ තවත් තිදෙනෙකු විශේෂ ප්‍රතිකාර ඒකකයේ සිටිනා බව ද රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

