වැලිකඩ කැරැල්ලේ ගිනි නිමෙයි
කඳුළු ගෑස් ගැසීමේ තත්ත්වයට පත්ව ඉන් පසු වෙඩි හුවමාරුවකින් අවසන් වූ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල පැය හයකට වැඩි කාලයක් පැවතියේය.
තත්ත්වය දැන් සන්සුන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
බන්ධනාගාර ආරංචි මාර්ග කියනුයේ මරණීය දණ්ඩනය නියමු වූ පිරිස් මාංචු දමා එළියට ගෙන සෝදිසිය ආරම්භ කරද්දී ඊට එරෙහිව සිරකරුවන් නැගී සිටි බවයි. ඉන් පසු තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර විය.

