( ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට පිටතින් වනාතමුල්ල , සීවලි පටුමග දෙසින් තහනම් භාණ්ඩ ඇතුළත් පාර්සල් 18 ක් දමා තිබියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත .
මෙම භාණ්ඩ අතර ජංගම දුරකතන 36ක් ,බැටරි 264 ක් , සිම්පත් 20 ක්, බුලත්, පුවක් මත්ද්‍රව්‍ය , හෙරොයින්, මාවා, දුම්කොළ, ගංජා ,දන්තාලේප, සබන් , සුවඳ විලවුන්, රෙදිපිළි, සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම, මුහුණු ආවරණ තිබී ඇති බව බන්ධනාගාරය සඳහන් කළේය.
මීට පෙර මෙම ස්ථානයෙන් තහනම් භාණ්ඩ දැමීමට උත්සාහ කළ සැකකරුවන් 7 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවත්, මින් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා සියලුම භාණ්ඩ පොලීසිය බාරයට දෙන ලෙසත් උපදෙස් දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

