දඹුල්ල ඉබ්බන්කටුවේ නවතා තිබූ සහල් ලොරි දෙකක වැලි ටිපරයක් ගැටීමෙන් සහල් ලොරියක රියදුරා මරුමුවට පත් වී ටිපර් රියදුරා ඇතුළු සිව් දෙනෙක් බරපතල තුවාල ලදහ.
කාර්මික දෝෂයකට ලක්වී තිබු පොලොන්නරුවේ සහල් ලොරියේ සහයට පැමිණි ලොරි රියදුරා මිය ගිය බව පොලීසිය කියයි.

