වැලි මුදලාලිගේ අල්මාරියේ ගංජා
මුල්ලේරියාවේ වැලි ප‍්‍රවාහනය කරන ව්‍යාපාරිකයකුගේ නිවසේ අල්මාරියේ තිබී ගංජා කිලෝ අටහමාරක් සොයාගත් බව මිරිහාන කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි. තණමල්විලින් ගෙන ආ බව කියන මේ ගංජා තොග වශයෙන් වැල්ලම්පිටියට හා මුල්ලේරියාවට බෙදාහරින බවත් එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් බවත් පොලිසිය කියයි. රුපියල් පනහේ සිට පන්සියය දක්වා ගංජා පැකට් අලෙවි කරන බව කියති. ගංජා කිලෝවක වීදි වටිනාකම රුපියල් 15500කි.

